හැදෙන හැටි ඉතාලි ගිය ව්‍යාපාරිකයා කියයි


‘ඉතාලියටම එන්න ඕනෙත් නෑ . හරියට ඔළුව කල්පනා කරලා ජිවත් වුණොත්. ස්වයං රැකියාවක් කරන්නත් පුළුවන් විදියට මම උදව් කරන්නම්. තමන් උපයන දේ බෙදි යා යුතු ආකාරය ගැන බුදුහාමුදුරුවන් දේශනා කරලා තියෙනවා. ඒ අනුව හොර බොරු නැතිව පුළුවන් විදියට කාටත් උදව් කරමින් මම ජිවත් වෙනවා.‘ මෝදනා  ව්‍යාපාරික වසන්ත කිර්තිරත්න එසේ කියයි.

පසුගියදා එසෑණ පළකළ ලක් වෙස්සන්තර නෑයන්ට හොදට සලකයි නැමැති පුවතින් පසු බොහෝ පිරිස් කියා සිටියේ නම නොකියන ඒ ව්‍යාපාරිකයා හදුනා ගැනිමට කැමැති බවත් ඔහුත් සමග එකතුව රට වෙනුවෙන් දෙයක් කිරිමට අවස්තාව සලසා දෙන ලෙසයි.

විතෑර්බෝ නලින් ,මෙස්සිනා නාලක ,පෙරේරා ,කොමෝ ඉන්දික ,වෑනිස් සමන් හා මියුනික්, රෝහණ කතා කරමින් කියා සිටියේ ශ්‍රි ලංකාවේ තමන්ගේ ගම් පළාතේ අන්ත අසරණ පවුල් කිහිපයක් ඇති බවත් ඔවුන්ට මෙම ව්‍යාපාරික මගින් උදව්වක් ලබා දෙන ලෙසයි.

මිගමුවේ සඳමාලි නැමැති  කන්තාවක් ලංකාදිප පුවත්පත් කර්යාලයට කතාකරමින් ජිවත්විමට නොහැකිව අන්ත අසණව ඉන්න තම පවුලට මොහුගෙන් පිහිටක් ලබා දෙන ලෙස ඉල්ලිය.තවත් කිහිප දෙනෙක් ලංකාදීපයට කතා කළහ.

 මෙම සියලු කරුණු අදාල ලක් වෙස්සන්තර වු ව්‍යාපාරික සමග එසෑණ පෑවසීය.  

මම ප්‍රථමයෙන් මගේ නම කියන්නම්.

මම මෝදනා වසන්ත කිර්තිරත්න. ලිපියෙන් ප්‍රසිද්ධියක් ලැබුණු නිසා මම නම කියනවා නෙමෙයි. පළවු ලිපියේ තිබු දේ බොරුවක් නොවන බව කියන්නයි මට ඕනෑ. මම වගේ සමාජයට නිහඩ සේවය කරන තවත් බොහෝ ව්‍යාපාරිකයන් ඉතාලියේ ඉන්නවා. මට සුබ පතපු ආශිර්වාද කළ ලංකාදිප පාඨකයිට මම ස්තුති වන්ත වෙනවා.  ඉදිරියටත් මම සමාජයට උදව් කරනවා.

එත් මේ වනකොට ඉතාලියේ ආර්ථිකය හොද මට්ටමක නෙමෙයි තියෙන්නේ. ඔබ දන්නවා මේ දවස් ටිකේ ලොරි රථ රියෑදුරන් අධිවේගි මාර්ග අවහිර කරමින් ඔවුන්ගේ ඉල්ලිම් ඉල්ලනවා. කම්කරු ගොවියෝ උත්ඝෝෂණයේ කරනවා.

රටේ ආර්ථිකය හොදටම කඩා වැටිලා. ලබන වසරේ මැද වෙනකොටවත් ඉතාලි ආර්ථිකය යම්තාක් දුරට හොද වෙයි කියලා විස්වාසයක් තියෙනවා. අපි උනත් ව්‍යාපාර පවත්වගෙන යන්නේ බොහොම අමාරුවෙන්. මම ලංකාවේ ඉදලා ඉතාලියට ගෙනාව ඇතැම් අසරණ මිනිස්සු කොළඹටවත් අවිත් තිබුනේ නැහැ.

නමුත් අද ඒ අය ඉතාලියේ ලස්සනට ජිවත් වෙනවා. ඉදිරියටත් ඒ වගේ අන්ත අසරණ පවුල් වල අයව මට ඉතාලියට ගෙන්න පුලුවන්. හෑබෑයි ඒ අය ගැන ප්‍රථමයෙන් මම හොදට හොයා බලනවා.