හැත්තෑ පහේදී අවුරුදු කුමරිය වෙයි


අත්ඉඩිය සහන උදය වැඩිහිටි පුරවැසි සංවිධානය හා අත්ඉඩිය පුරවැසි සංවිධානය එක්ව වැඩිහිටි අවුරුදු උත්සවයක් සහන උදය වැඩිහිටි නිවාසයේදී පැවැත්වීය.

හැත්තෑ පස් හැවිරිදි ගුණවතී පෙරේරා, හැත්තෑ හැවිරිදි ජී එල් සෝමවතී හා 67 හැවිරිදි කේ ඩී ප්‍රනාන්දු මාතාවෝ එහිදී අවුරුදු කුමරියෝ වූහ.

ජීවිතයේ සැඳෑ සමය මෙම නිවාසයේ ගෙවන වැඩිහිටියන් අතර තවත් අවුරුදු තරඟ රැසක්ම පැවැත්විණි.

කරගම්පිටිය ශ්‍රාස්ත්‍රානන්ද පරිවේණාධිපති හපුතලේ පඤ්ඤාරාම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් අවුරුදු ආළෙල සංවිධානය කැරිණි.