හැටන් රක්ෂිතයක් ගිනි ගනී


හැටන් රුවන්පුර මහවැලිගම රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර දහයක පමණ ප‍්‍රමාණයක් විනාශ විය.

ගින්න මැඩපැවැත්වීම සඳහා රුවන්පුර ගම්වාසීන් දැඩි උත්සාහයක් දරා ඇතත් ප‍්‍රදේශයේ පවතින දැඩි සුළං තත්වය හමුවේ ගින්න සීඝ‍්‍රයෙන් පැතිරී ගොස් ඇත. රුවන්පුර මහවැලි ගම්මානයට ජලය සපයන ජල මූලාශ‍්‍ර ගණනාවක් මෙන්ම වල් ඌරන්, හාවුන්, වැලිමුවන් ඇතුළු සිව්පාවුන් ගණනාවක් ජීවත්වන මෙම රක්ෂිතය ඇති ඉලුක් හේතුවෙන් ගින්න සීඝ‍්‍රයෙන් පැතිරයන බව ප‍්‍රදේශවාහු කියති.

රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇතැයි හැටන් පොලීසිය සැක කරයි. මධ්‍යම කඳුරයේ පවතින වියළි කාලගුණයත් සමඟම රක්ෂිතවලට කඩාකප්පල්කාරී පිරිස් විසින් ගිනිතැබීම් බහුල වශයෙන් සිදුකරන අතර ගිනි තබන පුද්ගලයන් වෙතොත් පොලීසිය වෙත තොරතුරු ලබාදෙන ලෙස හැටන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

DSC06606 DSC06609 DSC06613 DSC06616 DSC06619