(රංජිත් රාජපක්ෂ )
නායයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් හැටන් බගවන්තලාව, බලංගොඩ , මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම රථ වාහන ගමනා ගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.
එම මාර්ගයේ කාසල්රි ජලාශයට ඉහළින් නිව්වෙලිගම ප්‍රදේශයේ නිවාස රැසක සහ ප්‍රධාන මාර්ගයේ කොටසක විශාල වශයෙන් නායයාමේ ලක්ෂණ මතු වී ඇති බැවින් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතීරුවකට සිමා කර ඇත.
එම මාර්ගයේම අයර්බිවත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක්ම ඉරිතලා ඇති අතර, හැටන් මස්කෙළිය මාර්ගයේ පාලමක ආරක්ෂිත බැම්මද ඉරිතලා පුපුරා ගොස් ඇත.
ජාතික ගොඩනැලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු නායයාමේ අවධානමකට ලක් වී ඇති ප්‍රධාන මාර්ගය ගිලා බැසිමේ අවදානමක පවතින බව තහවුරු කර ඇත.
ප්‍රධාන මාර්ගය නායයාමේ හා ගිලා බැසීමේ අවධානමට ලක් වී ඇති ස්ථානවලින් රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස නොර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.