හැටන් පාරේ පෙරහර සමන් දේවාලයට


සිරිපා වන්දනා වාරය අදින් (13) අරඹමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරස්ථානයේ සධාතුක කරඬුව සහ සමන් දේව ප‍්‍රතිමා වැඩම කරවීම ශී‍්‍රපාදස්ථානාධිපති සහ ඌවවෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

මෙවර සිරිපා මළුව කරා මාර්ග තුනක් ඔස්සේ පෙරහැරින් ගමන් කරයි.

අද (12) අලූයම පහට පමණ හැටන් මාර්ගයෙන් වැඩම කරවන සධාතුක කරඬුව සහ දේව ප‍්‍රතිමාව රැගත් රිය පෙරහර ගල්පොත්තාවල විහාරස්ථානයෙන් පිටත්විය. අතරමග නොනවත්වන ලද එම පෙරහර අලූයම හය පමණ වනවිට සබරගමු මහ සමන් දේවාලයට ළඟාවිය.

1212-002 1212-003 1212-007 1212-008 1212-009 1212-010 1212-011 1212-013 1212-014