
(ක්‍රිෂාන්තන්)
හැටන්- කොළඹ මාර්ගයේ අවිස්සාවේල්ල කිරිමණ්ඩල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල පොලීසිය පවසයි.
ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකූ හා යතුරු පැදියේ ගමන් කරමින් සිටි අයකු මෙසේ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කොට තිබේ.
මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී පැවැති අතර, මේ වනවිට මාර්ගයේ එක් මංත්‍රීරුවක් රථ වාහන ගමනාගමනය සදහා විවෘත කොට තැබීමට පොලීසිය පියවර ගෙන තිබේ.

