හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස් ගිලා බසී


 (රංජිත් රාජපක්ෂ)                       

හැටන් වටවල ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ වටවල පොලිසිය අසල මාර්ගයේ කොටසක් පැති බැම්මත් සමග ගිලා බැස ඇත.

දින කිහිපයක සිට ක්‍රමයෙන් එම මාර්ගයේ කොටස ගිලා බැසිමට ලක් වු බවත්, ඊයේ (23) දින පස්වරුව වන විට එම මාර්ගයේ විශාල කොටසක් ගිලා බැස ඇති බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරීහු කියා සිටියහ.

ඉකුත් වසරේද මෙම ස්ථානයම ගිලා බැසිමට ලක් වු අතර පසුව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් ගිලා බැස තිබු කොටස යථා තත්ත්වයට පත් කර තිබුණි.

මාර්ගය හරහා ගලා බසින ඇළ පහරක් හේතුවෙන් එම ස්ථානය නිතර ගිලා බැසිමට ලක් වන බවත් ,මාර්ගය ගිලා බැසිම හේතුවෙන් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරිහූ කියා සිටියහ.

ගිලා බැසිමට ලක් වු ප්‍රධාන මාර්ගයේ කොටස ප්‍රතිසංස්කරණය කර යලි එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමට කටයුතු කරන බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පැවසූහ.