මධ්‍යම කඳුකරයේ ජල පෝෂක පෙදෙස් වලට පවතින වියළි කාලගුණය නිසා පානීය ජලය ලබා ගන්නා ජල මුලාශ්‍ර සිදි යෑමෙන් ලබාදෙන ජලය සීමා කිරිමට සිදුවන බව හැටන් ජාතික ජල සම්පාදන පාරිභෝගික සේවා මණ්ඩලයේ ස්ථාන බාර නිලධාරි සංජිව අබේධීර මහතා පවසයි.
හැටන් හා කොටගල ප්‍රදේශ වලට ජලය සපයන සිංගිමලේ ජල තටාකයේ ජල මට්ටම අඩි දහය දක්වා පහල බැස ඇති බවත් පවතින තත්ත්වය පහව යන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ඔහු කියයි.






