රුපියල් ලක්ෂ 120 ක වියදමින් ලොව ලොකුම නත්තල් ගස කොළඹ ගාලු මුවදොර ඉදිකිරිම නතර කළ බව කමිටු සභාපති මංගල පී ගුණසේකර වරාය අමාත්‍යාංශයේ පුවත්පත් සාකච්ඡාවක දී අද (7) පැවසීය.
රුපියල් ලක්ෂ 60 ක ද්‍රව්‍යමය ආධාර ලැබුණු බවත් තවත් රුපියල් 60 ලක්ෂයක ආධාර ලැබීමට තිබු බවත් ඔහු කීවේය.
නිශ්පල වියදම් නතර කර එම මුදල් දුප්පතුන්ට සහන සැලසීමට යොදන බව මීට පෙර දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවසුහ. ඒ අනුව නත්තල් ගස ඉදිකිරිම අද සිට නතර කැරිණි.
නත්තල් ගස ඉදිකිරිමට මුල්ගල තැබුයේ අගෝස්තු 18 වැනි දා වරාය ඇමැති අර්ජුන් රණතුංග ඇමැතිවරයාය.
අඩි 315 උසට නත්තල් ගස ඉදිකර ගිනස් වාර්තාවක් තැබීම සංවිධායකයන්ගේ අදහස විය. වැඩ නතර කරන විට ගසේ උස අඩි 60 කි.
(නත්තල් ගස ඉදිකිරිමට මුල්ගල තබන අවස්ථාවේ ඡායාරූප )
ජායාරූප හා විඩියෝ - ළහිරු හර්ෂණ