ප්‍රධාන පෙළේ සමාගම්වල මහා පරිමාණ විදුලි උපකරණ වෙළඳසල් බිඳ උපකරණ තොග පිටින් සොරකම් කළැයි කියන සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි.
කටුනායක ප්‍රදේශයේ පුද්ගලයින්ට සහ වෙළඳසල්වලට විකුණා තිබු රුපියල් හැට ලක්ෂයක් පමණ වටිනා රුපවාහිනී,පරිගණක,රෙදි සේදුම් යන්ත්‍ර,ශබ්දවාහිනී උපකරණ,ඇතුළු විදුලි උපකරණ ද,සොරකම් සඳහා යොදා ගත් වෑන් රථයක් හා ගල් කටස් ගිනි අවියක්ද සොයා ගෙන ඇත.
ඉකුත් සැප්තැම්බර් මාසයේ 9 වැනි දා රාත්‍රියේ වැල්ලවායේ විදුලි උපකරණ වෙළඳ සලක් බිඳ රුපියල් ලක්ෂ 10 ක පමණ විදුලි උපකරණ සොරා ගෙන යෑම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මුලින්ම වීරකැටියේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේය.
මොරටුව, වැල්ලවාය, බුත්තල, කඩුවෙල, අලුත්ගම ,අම්බලන්ගොඩ ,දිගන ආදී ප්‍රදේශවල වෙළඳසල් 5ක් බිද ඇතැයි ද පොලිසිය කියයි.
මෙම සැකකරුවන් විසින් හබරණ සහ බෙලිඅත්ත නගරවල එවැනි වෙළඳසල් දෙකක් බිඳීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවත් ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වී තිබුණේ යාපනයේ ස්වර්ණාභරණ වෙළඳසල් බිඳීම බවත් පොලිසිය කියයි.
සැකකරුවන් වීරකැටිය ,මොනරාගල, සහ කටුනායක ප්‍රදේශවල බව කියති

