නව පරපුරේ ගී නිර්මාණ කරුවෙකු ලෙස බොහෝ දෙනෙක් හදුනා ගන්නා ඔහු ග්‍රේෂන් ආනන්දගේ පුතනුවන්ය.ඔහු මරියෝ ආනන්දය.වර්තමානයේ ගී නිර්මාණ හා ඔවුන්ට ඒ නිර්මාණ සමාජගත කිරීමේදී ඇතිවන තත්වය ගැන පල කලේ මෙවන් අදහසකි.
හැකියාව තිබුණට හැමදේම වගේ සල්ලිවලට යටවෙලා තියනවා. ඉදිරියට එන්න තියන මාර්ගය ගැන ප්‍රශ්නයක් තියනවා. සල්ලි තියනවනම්, ඕන දෙයක් කරන්න පුළුවන් වගේ තත්ත්වයකට ඇවිත් තියෙනවා. බෞද්ධකම තුළ, බෞද්ධ සංස්කෘතිය තුළ තියන රටක් තමයි අපේ රට. එහෙත් ජාතික කොඩියේ තිබෙන බෝපත් හතරෙන් කියැවෙන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති තත්ත්වයක් තමයි අද තියෙන්නෙ. සල්ලි තියනවනම් හැමදේම යටයි. තරුණ පරම්පරාවෙ අලුත් හැකියාවන් රටට ලෝකයට දකින්න වාසනාව නැති තත්ත්වයක් තමයි අද උදාවෙලා තියෙන්නෙ.නමුත් දැන් අපේ අපේ අය දැන් ඒ තත්ත්වයෙ ඉන්නේ නැතුව, කනට මිහිරි සංගීතයක් අහන්න පුළුවන් නිර්මාණ කරන්න උනන්දුවෙනවා. එහෙම නිර්මාණ නොතිබුණා නෙවෙයි කිව්වට, ඒ නිර්මාණ සමාජයට ගේන්න මුදල් අවශ්‍ය නැහැ කියන එක ඒත්තු ගන්වන්න ඒ අය සමත්ව තිබෙනවා. වැඩ පුළුවන් කෙනා බොරුව කරන්න ඕන නැහැ තැනකට එන්න. ඒ නිසා කලාකරුවන් තිගැස්මකට පත්වෙලා. ඒ නිසා අත්වැල් බැඳගන්න එන පිරිසක් ඉන්නවා.එහෙත් මට
මට මෙච්චර දවස් ඒ අය කියන්නෙ තාත්තගෙ නිර්මාණ මාකට් කරමු කියලා. අද වෙනතුරු මම ඒ දේවල් කළේ නැහැ. එහෙම කළා නම් මට අද හොඳ තැනක් පහසුවෙන් හදාගන්න තිබ්බා. තාත්තට සමාන හැකියාවක් මට දීලා තියනවා. මගේම ස්වනිර්මාණ කරගත්තා. ස්වනිර්මාණවලින් තැනක් හදාගන්න පුළුවන්. පද රචනය, සංගීත අධ්‍යක්ෂණය, ගායනය යන අංශ තුනේම අයිතිය මට තිබෙනවා. අවස්ථාව නොදෙන්න හේතුව ඒක දෝ කියලා මට හිතෙනවා.



