මහනුවර හන්තාන ප්‍රදේශයේ පෞද්ගලික මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පිරිසකට ලිංගික හිංසන කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් අගෝස්තු 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (11) නියෝග කළේය.
මේ අතර අත්අඩංගුවට පත්වූ ආයතන හිමිකරු චන්දිමාල් ගමගේ සමග ආයතනයේ පාලිකාව ඉමේෂා කුමාරි හා අයකැමිවරිය නුවන්දි වීරසිංහ ද ලබන 22 දක්වා රිමාන්ඩ් කැරිණි.
රිමාන්ඩ් භාරයට නියම වූ නිමල් පීරිස් ක්ලාන්ත වීම නිසා රෝහල් ගත කළ බවත් ඔහු රෝහල් ගත කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළ බවත් බන්ධනාගාර ආරංචි කියයි.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥයන් 11 දෙනකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඔවුන් කියා සිටියේ සැකකරුට දේශපාලන සබඳතා හා ඉහළ නිලධාරීන්ගේ සහාය ලැබිය හැකි බවත් නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම පිණිස තමන් පෙනී සිටින බවත්ය.
විත්තිකරුවන්ගේ බලයට යට නොවී නීතිය සාධාරණව ඉටු කරන්නැයි ඉල්ලමින් අධිකරණය අසලට රැස්වූ පැමිණිලි පාර්ශවයේ ඥාතී හිතවත්හු පිරිසක් සාමකාමී උද්ඝෝෂණයක් ද කළහ.
ඡායාරූප - චමිල් රූපසිංහ
වීඩියෝ - චමිල් රූපසිංහ