හාලිඇළ නාරංගල කන්දත් පුපුරයි


(ප්‍රසාද් රුක්මල්)

හාලිඇල නාරංගල කන්දේ මැද ලෙජර් වත්ත උඩ කොටසේ කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවධානමක ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (10) පැවසීය .

පවතින වර්ශාවත් සමග නාරංගල කන්දේ විශාල කොටසක් ඉරිතලා පුපුරා ගොස් ඇති අතර , ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිළධාරින්ට කඩිනමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර න ලෙසට දැනුම් දුන් බවත් සදහන් කලේය .

කෙසේ වෙතත් මේ කන්ද ආසන්නයේ සිටින ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්,ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .