හාලිඇළ ගෙවල් පහක් මැකේ : 11 අාගිය අතක් නෑ


හාලිඇළ වේවැල්හින්නනේ මැදගම ගෙවල් පහක් තිබු තැනවත් සොයා ගැනීමට නොහැකිවන සේ පස් කන්දක්  වැටී ඇතැයි පොලීසිය කියයි.

ගෙවල්වල සිටි බව කියන 11 දෙනකු පිළිබඳ කිසිඳු තොරතුරක් නැත.

යුද හමුදාව පොලීසිය හා සහන සේවකයෝ ඔවුන් සෙවීම අරැඹු නමුත් නාය යෑම දිගටම පවතින බවත් සහන කටයුතුවලට එය අවහිරයක් බවත් වැසියෝ කියති.

අද දහවල් 12 වන විට සිරුරු දෙකක් සොයා ගැනිණි.බදුල්ල රෝහලේ  වෛද්‍ය කණ්ඩායම්  ගිලන් රථ වලින් එහි ගොස් සිටිති.

DSC_0085 DSC_0089 DSC_0097 DSC_0101 DSC_0104 DSC_0115 DSC_0127 DSC_0135 DSC_0136