හාලිඇල නිවසකට ගලක් කඩා වැටෙයි


පවතින අධික වර්ෂාවත් සමග හාලිඇල එළදළුව, හපුවත්තේ නිවසක් මතට අද (30) අලුයම විශාල ගලක් කඩා වැටීමෙන් නිවසට හා දේපළවලට අලාබ හානි වී ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේ නිවසේ නිදාසිටි නිවෙස් හිමි මුත්තයියා සෙල්වදොරේ (60) පැවසූයේ 29 වැනිදා සිට එක දිගට තද වර්ෂාවක් ඇද වැටුණූ බවයි.

තමා නිදා සිටියදී ඇඳ මතට පස් හා ගල් කැබලි වැටුණු බවත් විශාල ශබ්දයක් ඇසී ඇහැරුණු බවත් ඔහු කීවේය.

Ella-_20151130862 Ella-_20151130863 Ella-_20151130864 Ella-_20151130865