හාල් පාලන මිලට එරෙහිව මරඳගහමුලින් විරෝධතා


සහල් සඳහා ගැසට් කර ඇති පාලන මිල ඉවත් නොකළහොත් සහල් නිශ්පාදන කටයුතු නතර කරන බව මරඳගහමුල එක්සත් සහල් නිපදවන්නන්ගේ සමිතිය කියයි.

රජයෙන් පවා මී මිල දී ගත හැක්කේ රුපියල් 44කට බවත් එලෙස ගන්නා වී සහල් බවට පත් කර   විකිණිය හැකි අවම මිල රුපියල් 82ක් පමණ බවත් එම සමිතියේ සභාපති නිමල් රංජිත් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කරයි.

බොහෝ ප්‍රදේශවල සහල් මිල අතද් පැවැතියේ පාලන මිලට වඩා වැඩි මිලකටය. කඩ හිමියන් කිහප දෙනකුම කීවේ ප්‍රධාන පෙළේ සහල් මෝල්හිමියන් කිහිප දෙනකුම අද දිනයේ වෙළෙඳපොළට සහල් නිකුත් කර නොතිබූ බවයි.