හාල් ණය කෝටි 875ක් ගෙවන්න සල්ලි නැතිලු


ලංකා සතොස ආයතනය 2014 වසරේ දී රුපියල් කෝටි 1407ක ණයක් මගින් ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 257,853 ක් විකුණා ගත නොහැකි වීම නිසා එම ණය පියවීමේ ගැටළුවක් ඇතිවී ඇතැයි රජයේ ආරංචි කියයි.

එම මුදලින් කෝටි 574ක් ගෙවා ඇති අතර හිඟ පොලිය ද සමග තවත් කෝටි 875න් ගෙවීමට නියමිතව ඇත.

වරාය ගාස්තු, ප්‍රමාද ගාස්තු, ප්‍රවාහන හා ගබඩා වියදම් ද ඇතුළුව මේ වන විට එම සහල් තොගය සඳහා වැය වී ඇති මුදල රුපියල් කෝටි 1700ක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ඉතිරිව ඇති සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 3000ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබේ.