වේයන්ගොඩ ලක් සතෙසට ගබඩා හතරක ඇති මිනිස් නරක් වූ සහල් කිලෝ 11273920 ක් සත්ව ආහාර සඳහා සුදුසුද එසේ නැති නම් කුමක් කරන්නේද යන්න තීරණයක් ගැනීම සඳහා අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා ලබන 14 වන දා පරීක්ෂණයක් පැවැත්වීමට අද (11 ) තීරණය කළේය.
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලය ගොනු කළ වාර්තාවක් නැවත කැඳ වූ අවස්ථාවේ ගම්පහ ආහාර හා ඹෟෂධ පරීක්ෂක ඩී.ආර්.ඩබ්. බණ්ඩාර මහතා මේ ඉල්ලීම කළේය.
ජනාධිපති විමර්ෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ලැසිල් ද සිල්වා මහතාගේ දැනුම් දීමක් මේ වැටලීම කැරිණි.

