දකුණු පළාතේ ලොකුම හෙරොයින් කුඩු වැටලීම දින දෙකක මෙහෙයුමකින් අද උදේ සාර්ථක ලෙස නිම විය.
ගාල්ල වංචාවලින් කුඩු කිලෝවක් හා ග්‍රෑම් හැටක් ද, එළවළු වෙළෙන්දකු , සංචාරක මග පෙන්වන්නන් හතර දෙනකු ඇතුළු හය දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් හාර කෝටියකි.
මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් රොෂාන්ත මහතා වැටලීම මෙහෙයවීය.