රුපියල් තුන් කෝටි අසු හතර ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ වයස අවුරුදු 30,40 සහ 55 වියේ පසුවෙති.
අත්අඩංගුවට ගනු ලැබු වල්ලා පට්ටා තොගයේ බර කිලෝග්‍රෑම් 48 කි.
සැකකරුවෝ අද (20) උදෑසන යු.එල් 121 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටනායකට පැමිණ ඇති බවත් මෙම වල්ලා පට්ටා ගමන් මළු තුනක බහා රැගෙන යාමට උත්සහ කළ බව රේගුව කියයි.
මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරි ු නුවන් අබේනායක, මනෝජ් සමරසේකර, මංජුල කුමාර, තිලංක සමරවීර, චින්තක ශ්‍යාමාල්, නිරෝෂා විෙජ්තුංග යන නිලධාරීහු සිදු කරති.
.gif)

