නවගත්තේගම පාසල් ගුරුවරියක පාසලේ දී දණ ගැස්සවීමෙන් දේශපාලන බලය අතට ගෙන ක්‍රියා කල වයඹ පලාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාරගේ ක්‍රියාව තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා එසෑණට පවසයි. මේ වනවිට සමස්ථ අධ්‍යාපනයම දේශපාලනයට නතුවෙමින් පවතින බවත් පාසලට විදුහල්පතිවරුන් මෙන්ම දරුවන් ද ඇතුළත් කර ගනුයේ දේශපාලන නියායකට බැවින් එහි ප්‍රතිපල වනුයේ මෙවැනි පහත් දේශපාලකයින් බලය අතට ගෙන අයුතු ලෙස ක්‍රියා කිරිම බවත් ඒ මහතා කියයි. එම ගුරුවරිය වරදක් කර ඇත්නම් ඇයට දඬුවම් කිරිමට රාජ්‍ය ක්‍රියා පටිපාටියක ඇති බවත් මන්ත්‍රිවරයාගේ මෙම පහත් ක්‍රියාවට එරෙහිව ඉදිරියේ දී දැඩි ක්‍රියාමර්ගයක් ගැනිමට අදහස් කරන බවත් රජය මෙවැනි පහත් දේශපාලකයින් පාලනය නොකල හොත් පංසල් වලට පැන හාමුදුරුවරුන් දණ ගස්වන දිනය ද වැඩි ඈතක නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.