කාවන්තිස්ස රජ සමය තෙක් අතීතයකට උරුමකම් කියන ඇඹිලිපිටිය, මොරකැටිය, කළගෙඩිආර ශ‍්‍රී ගංගාතිලක රජමහා විහාර භූමියේ අනවසරයෙන් මැණික් ගැරූ පිරිසක් අතරින් විසිපස් දෙනෙකු සමග වතුර මෝටර් 13ක් අත් අඩංගුවට ගත් බව මැණික් හා ස්වර්භාරණ අධිකාරියේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය කියයි.
අක්කර හතක් පමණ පෙදෙසේ විශාල පතල් කපා තිබිණි.ජීවත් වීමට නොහැකි තරම් අමාරුවෙන් සිටින දායකයිනට පතල් කැපීමට ඉඩ දුන් බව විහාරාධිපති ඇඹිලිපිටියේ පවර කිත්ති හිමියෝ කියති.

