හසිත මඩවල සගයන්ගේ කරපිටින් අවසන් ගමන් යයි


කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ දේහය රැගත් පෙරහැර පිලපිටිය සොහොන් බිමට රැගෙන යද්දී කොළඹ නුවර පාරේ ටයර් සංස්ථා හන්දිය අසලදී පිරිසක් ශ්‍රීලනිප කාර්යාලයට කඩා වදින්නට උත්සාහ කළහ.

පසුගිය සෙනසුරාදා මන්ත්‍රීවරයා ඝාතනයට ලක්විය.

ශ්‍රීලනිප කාර්යාලය පිහිටි බිමේ නිවෙසකින් අවි සොයා ගැනීමේ පුවත සැලවීමෙන් පසු එම පරිස එහි ගේට්ටුව කඩන්නට ගත් උත්සාහය ප්‍රාදේශීය සභාවේ සභාපති ද පොලීසිය ද එක්ව වැළැක්වීය.

ඉන්පසු පිරිස පොලීසියට හූ කියන්නට වූහ.

ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබිණි.

කැලණියේ කඩ බොහෝමයක් වසා සුදු කොඩි ද ඔසවා තිබිණි.

මහා සංඝරත්නය මන්ත්‍රීවරයාගේ ගෙදරදී ආගමික වතාවක් කිරීමෙන් පසු දේහය ප්‍රාදේශීය සභාවට රැගෙන යනු ලැබීය. රජයේත් විපක්ෂයේත් මැති ඇමැතිවරු දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහින්ද රාජපක්ෂ ජනපතිගේ ශෝකප්‍රකාශය සභාවට ඉදිරිපත් කළාය.

අවමංගල රියෙන් දේහය රැගෙන යාමට ඉඩ නොදුන් පිරිස තම කරපිටින්ම තම සගයා සොහොනට යා යුතු යැයි කියමින් දේහය කඩින් කඩ ඔසවාගෙන ගියහ.

(ග.හෙ)