හෂීස් රැගෙන ආ ඉන්දියා ජාතිකයා රඳවාගෙන ප්‍රශ්න කරයි


හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් රැගෙන ලංකාවට එද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයකු දින හතක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ආරංචි කියයි.

ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රීලංකන් ගුවන් යානයකින් පැමිණි සැකකරු(26) ගැන ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.