(ටී.කේ.ජී.කපිල )
හෂීස් තොගයක් ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (1) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු මහනූවර, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළවූ ටී - ෂර්ට් තොගයක් තුළ මෙම හෂීස්, පාර්සල් 4 ක් ලෙස සකස් කර සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි.
එහි රුපියල් ලක්ෂ 11 ක් වටිනා කිලෝ ග්‍රෑම් 1 යි , ග්‍රෑම් 100 ක් බර හෂීස් තොගයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

