හවුල් බස් ගමන් කොට උඩ


කොළඹ මහනුවර පෞද්ගලික හා ලංගම බස් ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කිරීමේ වැඩ සටහන අද අඩාල විය.  පෞද්ගලික බස් 80ක් පමණ ධාවනය නොකිරීම ඊට හේතුවයි. පෞද්ගලික බස් හිමිකරුවන් කියනුයේ ඒකාබද්ධ කාල සටහන ක්‍රියාත්මක කිරීමට නම් ලංගම හා පෞද්ගලික බස් එකම තැනකින් පිටත් විය යුතු බවයි. දැනට බැස්ටියන් බස් නැවතුම් පොළෙන් හා මධ්‍යම බස්නැවතුම් පොළෙන් බස් පිටත් වේ.