ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සැලකියයුතු සේවයක් ඉටුකරනු ලබන වැදගත් ශ්‍රී ලාංකික සංවිධානයකි. එමගින් එංගලන්තයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙසෙන අපේ සහෝදර නෑදෑ හිතවතුන් වෙනුවෙන්ද සිදු කරන්නා වූ සේවය ඉතා විශාලය.
එම සංවිධානය මඟින් සංවිධානය කරනු ලබන සංස්කෘතික වැඩකටයුතු අතර ප්‍රධාන ස්ථානයක් ගනු ලබන්නේ වාර්ෂිකව පවත්වනු ලබන සිංහල අවුරුදු උත්සවයයි. සම්ප්‍රදායික සිංහල කෙළි සෙල්ලම් සහ සියලුම අවුරුදු අංගයන්ගෙන් සමන්විත මෙම උත්සවය මඟින් ලන්ඩන් නුවර හැදෙන වැඩෙන ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දුවා දරුවන්හට ශ්‍රී ලාංකික සංස්කෘතියේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමට කටයුතු කරනු ලැබේ.
තවද ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විරෝධයන් නැගෙන සෑම අවස්ථාවකදීම හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් එම විරෝධයන්ට එරෙහිව අනෙකුත් සංවිධානයන් සමග සහෝදරත්වයෙන් යුතුව කටයුතු කර එම විරෝධයන් පරාජය කරනට සමත් විය.
හවුන්ස්ලෝ නගර සභාව සමඟ ඉතාමත්ම සමීප සහයෝගයෙන් කටයුතු කරන එම සංවිධානය නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන ශ්‍රී ලාංකිකයනට නගර සභාවෙන් කර ගත යුතු සේවාවන් ඉතාමත්ම ඵලදායි ලෙස ඉටු කර ගැනීමට රුකුල් වී ඇත.
ශ්‍රී ලංකාවේ වෙසෙන දුප්පත් ජනතාවගේ දරුවනට වාර්ෂිකව නොමිලයේ ලබා දෙන පාසල් උපකරණ ප්‍රධානය, ඈස් කණ්නාඩි ප්‍රධානය සහ රෝද පුටු ප්‍රධානය හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම ශ්‍රී ලංකාවේ වෙසෙන අපේම සහෝදර නෑදෑ හිතවතුන් වෙනුවෙන් සිදු කරන්නා වූ මෙහෙවර අතර ප්‍රධාන තැනක් ගනී.
මෙවන් වූ සේවාවන් සිදු කරන හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම මෙවර එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තවත් දැවැන්ත සේවාවක් ලබා දීමට සැරසෙයි. එනම් ඔවුන්ගේ නීතිමය කටයුතු වෙනුවෙන් නොමිලයේ නීති උපදෙස් සේවයක් ලබාදීමය. මේ අනුව ඕනෑම ආකාරයේ නීතිමය අවශ්‍යතාවයක් සඳහා අවශ්‍ය උපදෙස් දක්ෂ ප්‍රවීණ නීති වේදීන් වෙතින් නොමිලයේ ලබා ගැනීමට එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින්හට දැන් අවස්ථාව සැලසී ඇත.
මෙම වැඩපිළිවෙලෙහි ආරම්භය ජුලි 13 වන සෙනසුරාදා සවස 3.30 සිට 6.00 දක්වා ෆෙල්ය්හම් හිදී පවත්වීම සඳහා කටයුතු යොදා ඇත.
07712519780 හෝ 07534303302 අංකයන්ට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැක.