හලෝවෙන් තව පොඩ්ඩෙන් එලොව


බ්‍රසීලයේ සාඩ්පාලෝ දුම්රිය පොළේ කාර්ය බහුල දිනයකි.

උදෑසන රාජකාරි සඳහා පිටත්වන මගීන් විශාල පිරිසක් දුම්රිය වේදිකාවේය. ඒ අතර සිටි කාත්තාවකගේ අතරැඳි ජංගම දුරකථනය දුම්රිය මාර්ගයට වැටෙයි.

එය අහුලාගැනීමට ඇය වේදිකාවේ සිට දුම්රිය මාර්ගයට බසී. ගතවන නිමේෂයෙන් විදුලි වේගයෙන් පැමිණෙන දුම්රියට ඇය යටවීමට ගිය නමුත් දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් හා මගියෙක් එක්ව ඇය බේරාගත්හ.