රුපියල් විසිපන් ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි පහක් ලැප් ටොප් බෑගයක් තුළ සගවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ජංගම දුරකතන අළෙවියේ නියැලි ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගත් රන් කැබලි වල බර ග්‍රෑම් 500 කි.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 307 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුවේ සිට දිවයිනට පැමිණ ඇත.
එහිදී ඔහුගේ ගුවන් ගමන් විස්තරය අනුව ඔහු ඊයේ සිංගප්පුරුවට ගොස් අද ආපසු පැමිණීම පිළිබඳ ඇති වු සැකයක් මත ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කරද්දී මෙම රන් කැබලි සොයාගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නන්දසිරි වාසලතිලක මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා, ලක්ෂමන් කුලසිංහ, සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.සී.පී ගමගේ, මනෝජ් සමරසේකර, නාලක වීරසිංහ සහ කෝසල බාලසුරිය යන නිලධාරීහු සිදු කරති.

