හලෝ බැටරියටත් රන් රිංගයි


ජංගම දුරකතනයක බැටරිය අස්සේ රන් කුටිටියක් අලවාගෙන දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට  ශ‍්‍රී ලාංකිකයෙකු ගත් උත්සාහයක්  රේගු නිලධාරීහු  අද වැලක්වූහ.

පිටකොටුවේ පදිංචි විදුලි උපකරණ ව්‍යාපාර හිමියෙකු බව කියන සැකකරුට රුපියල් පනස් දහසක දඩ නියම කළ රේගුව එම රන් කුට්ටිය රාජසන්තක කළේය.

අත් අඩංගුවට ගනු ලැබු රන් කැබැල්ලේ බර ග‍්‍රෑම් සීයක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ පහකි.

රේගු මාධ්‍ය ප්‍රතාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ  සැකකරු අත්අඩංගුවට ගන්නා විට ජංගම දුරකතනය ක‍්‍රියා කළ බවත්  බැටරිය ගලවා බැලීමේදී එයට යටින්  රන් කුට්ටියක්  අලවා තිබු බවයි. 

මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ  රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අදිකාරීවරුන් වන මලිත් පෙරේරා, ඉන්ද්‍රා උක්වත්ත සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, මංජුල කුමාර, ලලිත් දුෂ්‍යන්ත, සිසිර පෙරේරා, හිමාලි ලොකු බාලසුරිය යන නිලධාරීහු සිදු කළහ.