හලෝ කුළුනට මුවා වී බුදු පිළිම පන්නයි


දුරකථන කුළුනක් ඉදිකරන මුවාවෙන් මතුරට වැල්ලගිරිය පුරාණ විහාරයට පැමිණි පිරිසක් සතියකට වැඩි කාලයක් එහි නැවතී සිට විහාරාධිපති හිමියන් ගමනක් වැඩිය අවස්ථවක විහාර ගෙය කඩා එහි තිබූ වසර 800 කට වඩා පැරණි කිලෝ 75 ක් බර බුදු පිළිමය පැහැර ගෙන ගොස් තිබේ. සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සිටින බවත් මතුරට පොලිසිය කියයි .