හලාවත - අඹකදවිල ප්‍රදේශයේ මා දැල් හිමියෙකුට අද (5) අලුයම පරා මාළු කිලෝ ග්‍රෑම් 10,000 කට වැඩි ප්‍රමාණයක් හසුකරගැනීමට හැකිවී ඇත.
ප්‍රධාන මා දැලට අසුවූ පරා මාළු දැල ඉරා ගෙන පිටතට යාම හේතුවෙන් එම දැල වට කර තවත් දැල් කීපයක් යෙදීමට මා දැල් හිමියාට සිදුවී ඇත.කෙසේ වෙතත් අවසානයේ දැල් 06 කින් අල්ලා ගත් පරා මාළුන් ගොඩට ගන ඒමට පැය කීපයක් ගත වූ බවත් කියති.
හලාවත සහ තොඩුවාව ප්‍රදේශ වල මේ දිනවල පරා මාළු කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 250 ක් වන අතර කිලෝ ග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 300 ක් පමණ වන බව ධීවරයෝ කියති.





