
(රවින්ද්‍ර ලියනගේ)
දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවු ගංවතුරින් හලාවත මහා රෝහලට ඇති වු හානිය පිළිබදව සොයා බැලිමට හා යුරෝපිය වෛද්‍ය වෘත්තියන් පරිත්‍යග කර ඇති මුදල් ලබාදිමට අවශ්‍ය කටයුතු සෙවිමට ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු කණ්ඩායමක් අද(10) හලාවත මහා රෝහලේ නිරික්ෂණ චාරිකවක නිරිත වුහ.
ගංවතුරින් හලාවත මහා රෝහලේ වාට්ටු ඇතුලු ගොඩනැගිලි ජලයෙන් යටවිම හේතුවෙන් උපකරණ ඇතුලු ඖෂධ විශාල ප්‍රමාණයකට හානි විය. එහි පාඩුව රුපියල් මිලියන 1200 කට ආසන්නය. හානියට පත් හලාවත මහ රෝහල නැවත යථා තත්වයට පත් කිරිමට ඩොලර් මිලියන 3 ක් වත් අවශ්‍ය බවට ගණන් බලා ඇත.
බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඔස්ටේලියාව හා ඇතුලු රටවල් ගණනාවක වෙසෙන අපේ වෛද්‍ය වෘත්තියකින් හා වෙනත් වෘත්තිකයින් හලාවත මහ රෝහලේ ප්‍රධාන හදිසි අවශ්‍යතා සපුරා ගැනිම වෙනුවෙන් මුදල් ආධාර එකතු කරමින් සිටින බවත් මේ වන විට පවුම් 10000 ක් ලැබි ඇති බවත් එය පවුම් ලක්ෂයක් දක්වා වැඩිකර ගැනිම තමයි බලාපොරොත්තුව.
විදේශ රටවල් වලින් ලැබෙන එම මුදල් සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව කටයුතු කර හදිසි අවශ්‍යතා සපුරා ගැනිමට ලබා දිම සිදුකරන බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරංග පෙරේරා මහතා නිරික්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යය අදහස් දක්වමින් පැවැසිය.


