හලාවත ධීවරයා ඉසුරු එපා වී එයි


නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස් එහි වසර දෙක  හමාරක් පමණ ජීවත් වු ශ්‍රී ලාංකිකයෙකු  එරටින් පිටුවහල් කරනු ලැබ යළි මෙරටට එවා තිබියදී  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද  අඩංගුවට ගනු ලැබීය.

ඔහු  හලාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි  ධීවරයෙකි.

පසුගිය 2012 වසරේ අගොස්තු 12 වෙනිදා මෙම පුද්ගලයා ධීවර කටයුතු වල නිරිත වෙමින් සිටියදී තවත් 64 දෙනෙකු සමග බෝට්ටුවක නැගී මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.

මෙම පිරිසට ඕස්ට්‍රෙිලියාවට ලඟා  වීම‍ට  දින 28 ක් ගත වී ඇත.

පසුව මෙම පුද්ගලයා  තැන තැන ගෙවල් වල වැඩකරමින් කාලය ගත කර ඇති අතර පසුව ඔහුටම එය එපා වී යළි ශ්‍රී ලංකාවට එවන ලෙස එරට බලධාරීන්ට දැන්වීමෙන්  අනතුරුව ඔහුව  එරටින් පිටුවහල් කර මෙලෙස එවා ඇති බව වාර්ථා වෙයි.

මොහු පිළිබඳ මුලික විමර්ශණවලින් අනතුරුව  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.