(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත ආසන දෙව් මැදුර දින නියමයක් නොමැතිව වසා දැමීමට අද ( 1 ) උදේ උපදෙස් දුන් බව හලාවත නගර සභා සෞඛ්‍ය අංශය කියයි.
පරිශුද්ධ වු කාර්මෙල් දේව මාතවන් නමින් කැප කර ඇති මෙම දෙව් මැදුර හලාවත රදගුරු පදවියේ ප්‍රධානතම දෙව් මැදුරවේ.
මෙම දෙව් මැදුරු පරිශ්‍රයේ පිහිටි මීසම් ගෘහ කාර්යාලයේ සේවය කරන තරුණියකගේ මව පි.සි.ආර්.පරික්ෂණයකින් පසු කෝවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හදුනා ගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ.
එම කාන්තාවගේ නිවසේ සියළු දෙනා සහ ආසන දෙව් මැදුරේ සිටින පියතුමන්ලා සහ සහෝදරෙතුමනලො ද ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් එම ඒකකය කියයි.
මේ අතර එම පිරිස අද ( 1දා ) පි.සි.ආර්.පරීක්ෂණයකට යොමු කරවන බවත් එම ප්‍රතිඵල ලද පසු ඉදිරි පියවර ගන්නා බවත් කිය.
මේ අතර මෙම දෙව්මුදරට බාහිරින් බැතිමතුන් පැමිණිම නවතනු සදහා තාවකාලික දෙව් මැදුර වසා දැමීට නියෝග කළ බවත් දන්වා ඇති බවත් කි අතර මේ වන විට දෙව්මැදුරු පරිශ්‍රයට ඇතුළු වීමට නොහැකි වන ලෙසින් දෙව් මැදුරට ඇතුළු වන සියළු ගේට්ටු ඉබි යතුරු දමා ඇති බව දැක ගත හැකිවිය.

