
(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත නරයේ පිහිටි අධිකරණ හතරක නඩු විභාග කිරිම් අද ( 27 දා ) සිට සතියක කාලයකට නවතා දැමීමට තීරණය කළ බව හලාවත අධිකරණයේ ප්‍රකාශකයෙකු පැවැසීය.
මේ අනුව හලාවත මහාධිකරණය කම්කරු විනිශ්චය සභාව හලාවත දිසා අධිකරණය හා අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය යන අධිකරණයන්හි නඩු ඇසීම ලබන මස 4 දා දක්වා නතර කරනු ඇත.
මේ සම්බන්ධයෙන් විමසු විට හලාවත නිතිඥ ඩබ්ලිව් .ඒ.හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මේ වන විට හලාවත නගර සභා සීමාව තුළ කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකෙු සෞඛ්‍ය අංශ විසින් සොයා ගැනීම සහ ග්‍රාම නිලධාරි වසම් හතරක් හුදෙකලා ගම්මානයන් බවට සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කිරිම පදනම් කර ගෙන සියලු දෙනාගේ ආරක්ෂාව සදහා අධිකරණයන්හි විනිසුරුවරුන් විසින් කරණ ලද සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව කීය.
මේ අනුව දෙසැම්බර් මස 4 වන සිකුරාදා සිට තත්ත්වය සතුටුදායක වුවහොත් අධිකරණයන්හි නඩු ඇසීම් ආරම්භ කරණු ඇති බවත් ඒ මහතා කීය.

