(පුෂ්පකුමාර ජයරත්න )
හලාවත ප්‍රදේශය ආශ්‍රිතව මේවනවිට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන හලාවත, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බළ ප්‍රදේශ වල ජනතාවගේ ගමන් බිමන් සීමාකර හුදෙකලා තත්ත්වයට පත් කළ යුතු බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.
හලාවත ප්‍රදේශයේ බහුලව සිදු කරගෙන යන ධීවර කර්මාන්ත සහ ඉස්සන් වගාව හේතු කොටගෙන මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිර යාමේ අවදානමක් මේවනවිට පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා වයඹ පළාතේ සෞඛ්‍ය බලධාරීන් විසින් මේ සඳහා වන නිර්දේශ ලබාදී ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසීය.
නාත්තන්ඩිය ප්‍රදේශයේ ඉස්සන් කර්මාන්ත ශාලාවක සේවකයින් 48 දෙනෙකු සමඟ මේවනවිට තවත් විශාල පිරිසකට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද, මෙම ඉස්සන් කර්මාන්තය සඳහා හලාවත, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වලින් කම්කරු සේවකයන් පැමිණෙන බැවින් එවැනි ආසාදිත පුද්ගලයන්ගෙන් වෛරසය පැතිර යාම පාලනය සඳහා මෙම හුදෙකලා කිරීම අත්‍යාවශ්‍යම බවද ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සඳහන් කළේය.
ගත් මෙම තීරණය කොවිඩ් මර්ධන ජාතික මධ්‍යස්ථානය වෙත දන්වා යැවා ඇතැයිද ඒ මහතා කීවේය.

