හලාල් හරි තීරණය සඳුදා


හලාල් සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ තම අවසන් තීරණය සඳුදා (11) නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන බව සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංගමයේ සභාපති මව්ලවි රිස්වි මුෆාති මහතා පවසයි.

මේ දිනවල හලාල් සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වුවද හෙට නිකුත් කරන තීරණය ජමියතුල් උලමාවරුන්ගේ සංගමයේ නිල තීරණය බව ද මුෆ්ති මහතා කියයි.

බොදු බල සේනා සංවිධානය කියනුයේ ශ්‍රී ලංකාවට හලාල් සහතිකයක් අවශ්‍ය නොවන බවයි.