හල් ඔළුවේ පියපුතු ඔළුව නැති වැඩක් කරති


කටුගස්තොට හල්ඔළුව  උඩමුල්ල ප‍්‍රදේශයේ ගෙවත්තක අඩි 12 ක වළක් කපා දෝනාවක් මගින් නිදන් හෑරූ බව කියන පියා සහ පුතා කටුගස්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.

නිවැසි කාන්තාවට කිහිප වරක්ම සිහිනෙන් පෙණුන නිධානය ගැනීම සඳහා බිම්මල් වගා කරන මුවාවෙන් නිවස ඉදිරිපිට මඩුවත් සාදා එය සම්පූර්ණයෙන් කළු ගෝනිවලින් වසා  වළක් කපා හරහට දෝනාවක්ද කපා ඇතැයි පොලීසිය කියයි.