හරීන් නිල නිවස, නිල වාහන අත්අරී


 ‘මම නිල වාහනය ගන්නේ නැහැ. නිල නිවහනට යන්නෙත් නෑ.‘යි ඌව නව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කීවේය.

‘මං මගේ සේවක මණ්ඩලය ගෙන්වා පොඩි කතාවක් කිව්වා. අපි දේශපාලනය කළාට මැරෙන මිනිස්සු කියලා දැනගන්න ඕනෑ. මේ බලය අපිට හැමදාම තියෙන්නේ නෑ කියා හිතන්න ඕනෑ.  

  අපිට පුංචි දුකක් තියෙනවා තමයි. හංසයාට ඡන්දේ දුන්නේ අපි.  ඒත් හංසයට දුන්න අය පැත්තක. බුලත් කොලේ ඉස්සරහට ඇවිත්නේ කියලා.

මතක තියාගන්න. මෛත්‍රීපාල සිරිසේන මහතා මුල ඉඳලම කිව්වා, එතුමා යනනේ මේ දේශපාලන වැඩසටහනට කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අද අගමැති. ලංකාවේ ආණ්ඩුවේ ඉන්නේ යූඑන්පී මන්ත්‍රීවරු. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු ඉන්නේ 40 යි. ඒ නිසා අපි කැමති වුණත් නැති වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ගන්න වෙනවා මේ වෙලාවේ. ඒ සහයෝගය අරගෙන ලංකාවේ අලූත් දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න ඕනෑ.  

පවුලක් වෙනුවට ජනතාව රජ කරන රටක් හදන්න ඕනෑ.‘