හරීන් ඌව මහ පුටුවට


ඌව පළාත් සභාවේ මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (22) පෙව 10.38ට වැඩ භාර ගත්තේය.

හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට බලය අහිමි විය.ඊට හේතු වුයේ  ඌව පළාත් සභාවේ පක්ෂ සංයුතිය වෙනස් වී එජාපයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබීමයි.

නව මහ ඇමැති මුතියංගන රජ මහා විහාරයට ගොස්  මල් පහන් පිදීමෙන් පසු මහ ඇමැති කාර්යාලයේදී  ජාතික කොඩිය එසැවීය.

එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර ඔහුට සුබ පැතූහ.ප්‍රථම රාජකාරී ලිපියට අත්සන් කළේ ඉන් පසුවය.

ඔහු ඌව පළාත් සභාවේ හත් වැනි මහ ඇමැතිය.

P1210079 P1210140 P1210152 P1210161

ඡායාරූප - කෝගුලන්

310 313 IMG_20150122_103318

පාලිත ආරියවංශ