හරීන් - මනුෂ සජ‌බෙන් පන්නයි


(සුජිත් හේවාජුලිගේ )

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (18)  පස්වරුවේ තීරණය කළේය.

එම දෙදෙනා එම පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වූවෝ වෙති.

සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.