හරියට පරීක්ෂණ නැත්නම් දැඩි පියවර


නිකවැරටිය මහාගිරිල්ල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිල නිවාස වලට පහර දීමේ සිද්ධියට සම්බන්ධ වයඹ පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිසට එරෙහිව නීතිමය පියවර නොගතහොත් ලබන සතියේ දී වෛද්‍ය වර්ජනයක් ඇතුළු දැඩි ක්‍රියා මාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රීක් ශාඛාව අද (12) කුරුණෑගල දී පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

කුරුණෑගල විල්ගොඩ පාරේ පිහිටි කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

රාජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රීක් ශාඛාවේ ලේකම් වෛද්‍ය නයනා ප්‍රේමසිරි මහත්මිය මෙහිදී පැවසුවේය. මහගිරිල්ල වන අලින් පවා ගැවසෙන අති දුෂ්කර ප්‍රෙද්ශයක විශාල කැපවීමෙන් සේවය කරන වෙද්‍යවරුන් දෙදෙනෙකු ඉලක්ක කොට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු ගම්වාසීන් කිහිප දෙනෙකු එල්ල කළ මෙම මැර ප්‍රහාරය හෙළා දකින බවයි.

DSC_0729