හරිත සරසවි නගරයේදී පැරැණි මිතුරෝ හමුවෙති


‘අපි ජාතියක් ලෙස කනගාටුවෙන්න  ඕනෑ. අපි  ලෝකයේ දැනුම වෙළෙඳපොළ ජයගන්න  ඕනෑ. දැනුම බුද්ධිය වර්ධනය වූ පිරිසක් ජාත්‍යන්තර වෙළෙඳපොළට අපි යැවිය යුතුයි. ඒ තමයි රටක ගෞරවය වෙන්නේ. අපේ රටේ ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් ආදී විවිධ ක්ෂේත‍්‍ර වල ප‍්‍රවීණයින් දක්ෂයින් ලෝකයේ වෙනත් රටවල රැකියාවන් කර මෙරටට මුදල් එවනවා නම් ඒක අපිට ගෞරවයක්‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) හෝමාගම - පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ පීඨ තුනකින් සමන්විත හරිත සරසවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

අක්කර 20ක භූමියක රුපියල් බිලියන 10ක මුදලක් වැය කර සෑදූ හරිත විශ්ව විද්‍යාලය අද ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කිරීම සිදු කැරිණි.

‘හරිත විශ්වවිද්‍යාලය මේ රටේ අධ්‍යාපනයේ පරිවර්තනයක්. විප්ලවයක්. නව ගමනක ආරම්භයක් සහ ප‍්‍රවේශයක් වෙනවා. මේ ආයතනය ආරම්භ කිරීම පිළිබ`දව සතුටු වෙන්නේ මේ රටේ උගත් තරුණ පරපුරේ දරුවන්. අපේ රටේ ප‍්‍රාථමික අධ්‍යාපනයට වාර්ෂිකව පළමු වසර සඳහා දරුවන් තුන් ලක්ෂ පනස්දාහක්,  හැත්තෑ පන්දාහක් පමණ ඇතුළත් වෙනවා. වාර්ෂිකව උසස් පෙළ සමතුන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබනවා එක් ලක්ෂ පනස්දාහකට ආසන්න පිරිසක්. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ඉඩකඩ සහ පහසුකම් තිබෙන්නේ එක්ලක්ෂ පනස්දාහෙන් විසිහත්දාහක් වැනි සංඛ්‍යාවකටයි. අද ඇති හැකි අය පමණක් නොවේ නැති බැරි පවුල් වල දරුවනුත් දෙමාව්පියන් විසින් තම ඉඩම් විකුණා, කුඹුර උකස් තබා, ගේ විකුණා, රත‍්‍රං බඩු ටික බැංකුවේ තබා තම දරුවන්ව පිටරට යවනවා. විදේශ සංචාර වලදී අපේ දරුවන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල වලට මම ගිහින් තිබෙනවා. ඒ දරුවන් සමග මා කතා කර තිබෙනවා. ඒ දරුවන්ගේ පවුල් පසුබිම් සහ තොරතුරු කතා කර තිබෙනවා. ඇති හැකි අය මෙන්ම නැති බැරි දරුවන් වාර්ෂිකව හැත්තෑපන්දාහකට ආසන්න සංඛ්‍යාවක් පිටරට යනවා. එසේ ගොස් ආපසු එන සමහර දරුවන් අපේ සංස්කෘතියට, අපේ දේශීයත්වයට නුහුරු නුපුරුදු දරවෙකු ලෙසයි එන්නේ‘ යැයි ද ජනපති එහිදී පැවසීය.

_DSC0092 _DSC0122 _DSC0166 _DSC0175 _DSC0241 _DSC0255 _DSC0320 _DSC0337 _DSC0363

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි