ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය නියෝජනය කරන හරිත පක්ෂයේ ලී රිහැනන් සෙනට් මන්ත්‍රිනිය ශ්‍රී ලංකාවේ කළ සංචාරය නීති විරෝධී හා කොටි ත්‍රස්ත සංවිධානය පිම්බීමට කරන උත්සාහයක් බව පවසා ස්පර් සංවිධානයේ රංජිත් සොයිසා ලී මහත්මියට ලිපියක් යවා ඇත.
සෙනට් සභිකවරිය ඕස්ට්‍රේලියාවට පාතැබූ තැන සිට ඉවක් බවක් නොමැතිව ශ්‍රී ලංකා රජය හා හමුදාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් පුවත් මවන්නියක් බවට අද පත්වී අතැයි ඔහු කියයි.
උතුරේ සංචාරය කළ ඇය ඕස්ට්‍රේලියාව බලා ගියාය.
සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් ලෙස කොටි සංවිධානය යොදා ගත් බව පිළිගැනීමට පවා හරිත පක්ෂ සාමාජිකයෝ කැමැති නොවෙති.
මේ අතර දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය මෙම අවස්ථාවේ බටහිර රටවලට සම්බන්ධ විදේශිකයන් ලංකාවට ඇතුලුවීම පිළිබදව අස්ථාන බියකින් පසුවන බවයි.
ලී රීහැනන්ගේ එකම උත්සාහය බවට පත් වී තිබෙන්නේ අවසන් මොහොතේ හෝ ඕස්ට්‍රේලියා අගමැති පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට සහභාගී වීම වැලැක්වීම බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.