ත්‍රිකුණාමලයේ පදවි ශ්‍රීපුර සිට සිංහපුර දක්වා කිලෝමීටර 11ක් දුර මාර්ගය පිළිසකර කර නොදෙන බව කියමින් ගම්වැසියෝ අද පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව හරස් කර විරෝධතාවක් ඇරැඹූහ.
ශ්‍රී පුෂ්පාරාමාධිපති තලගල නන්දසේන හිමි ඇතුළු මහා සංඝරත්නය ද මේ විරෝධතාවට එක්වූහ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ගේට්ටුව කම්බිවලින් බැඳ එතැන විරෝධතා පැවැත්වීම නිසා කාර්ය මණ්ඩලයට අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යෑමට නොහැකි විය.
ප්‍රාදේශීය ලේකම් වී පී සුනෙත් ජිනේන්ද්‍රසිංහ මහතා පැවසුවේ කාර්ය මණ්ඩලයට රාජකාරි සඳහා යෑමට නොහැකි වන සේ විරෝධතා පැවැත්වීම ගැන පොලිසියට පැමිණිලි කළ බවයි.

