(රන්ජන් කටුගම්පොල)
විද්‍යුත් වීසා ලබා දීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබා දීමට ගෙන ඇති තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය පසුවට ප්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
ඒ අනුව අධිකරණය අපහාසය සම්බන්ධයෙන් නඩු විභාගය සහ මීට අදාළ පෙත්සමේ විභාගය සඳහා මැයි 8 වෙනිදා කැදවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරීණ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ හිටපු ආගමන විගමන පාලකවරයා අධිකරණයට අපහාස කිරීම සහ ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදීයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන ප්‍රීතිමත්ම සූරසේන ගාමිණී අමරසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙනූ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන විගමන පාලක වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන සිය සේවා දායකයා මාස හතරක කාලයක් රිමාන්ඩ් භාරයට පත් කර සිටින බැවින් ඔහු ඇප මත මුදා හරින් යැයි කිය.
දැනට මේ අදාල ප්‍රශ්නය නිරාකරණය වී ඇති බැවින් පෙත්සම කරුවන්ද තම සේවා දායකයාට ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවද කියා සිටියේය.