හර්බජාන් සිං මුදල් ඇමති හමුවෙයි


ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ව්‍යාපාරිකයකු වන හර්බජාන් සිං සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා අතර හමුවක් අද (22) මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේදී සිය ආයෝජන කටයුතු කිරීම සම්බන‍ධයෙන් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඇති හර්බජාන් සිං, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියේදී ආයෝජනය කිරීමට තමන් සුදානම් බවද පවසා තිබේ.

මෙරටදී ආයෝජනය කිරීම ඉන්දු - ශ්‍රී ලංකා   ද්විපාර්ශවික සම්බන‍ධතා තවත් ශක්තිමත් කිරීමක් බවද ඔහු පෙන්වා දී තිබේ.

Harbajan