
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ප්‍රභාත් නෙත්තසිංහ)
කුරුණෑගල , බණ්ඩාර, කොස්වත්ත මඩිග මිදි වල ගම්මානයේ රහසිගත ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී ඝාතකාගාරයක් අද (16) වටලා ඝාතනය කරන ලද ගවයින් 06 ක් , මස් තොගයක් සමඟ සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදැයි වාරියපොළ පොලීසිය පවසයි
අධි ශීතකරණ පහසුකම් සහිත ලොරියක් ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් ඝාතනය කළ ගවයින්ගේ මස් අධි ශීතකරණ පහසුකම් සහිත ලොරියට පටවමින් සිටියේ යැයි පොලිසිය පවසයි.
වාරියපොළ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙම නීති විරෝධී ගව ඝාතනාගාරයේ ඝාතනය කරන ලද බව මස් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව කියති.
පසුගිය මාස කිහිපය තුළ වරින් වර ගවයින් සොරාගැනීමේ සිද්ධීන් 11ක් පමණගැන පැමිණිලි වාරියපොළ පොලිසියට ලැබී තිබුණු බව පැවසේ.

