(ආරියරත්න රණබාහු)
යුද අපරාධ සොයා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම මිස හයිබ්‍රිඩ් අධිකරණයක් කිසිසේත්ම පත් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

